name='description'/> Docs.' NAME='Keywords'/> Gossip Lanka News: Miracle Operation at Karapitiya Hospital

Friday, November 8, 2013

Miracle Operation at Karapitiya Hospital

Posted by ikman.com on 7:57 AM Be the first to comment!

Miracle Operation at Karapitiya Hospitalමෝටර් සයිකල් රෝදය අස්සේ සිරවී වෙන්වූ ශිෂ්‍යත්ව දැරියගේ කකුල සාර්ථකව බද්ධ කරලා..
යතුරුපැදි අනතුරකට ලක්වු අට හැවිරිදි පාසල් සිසුවයකගේ කකුලෙන් වෙන්වී හමෙන් එල්ලෙමින් තිබූ වළලුකර කොටස විශ්විත ලෙස බද්ධ කිරීමට කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙවනවා.

ගාල්ල සංඝමිත්තතා බාලිකා රෝහලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දේනුනි නමැති මෙම සිසුවිය තම මව හා සීයා සමග ශිෂ්‍යත්ව පංතියට ගොස් එද්දී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින අතරවාරයේ නින්ද යාමෙන් ඇය ඇලවී ගොස් දකුණු කකුල යතුරුපැදියේ පසුපස රෝදය අස්සට ගොස් හිරවී මේ අවාසනාවන්ත අනතුර සිදුව තිබෙනවා.

යතුරුපැදිය පැදවූ ඇගේ සීයා වහාම යතුරුපැදිය නතරකොට බලනවිට සිසුවියගේ වළලුකර කකුලෙන් වෙන්වී හමෙන් පමණක් එල්ලෙමින් තිබී ඇත. අනතුරට පත්වූ සිසුවියගේ කකුලේ අස්ථි සහ මස් කැබලි එකතුකොට පොලිතින් බෑගයක දමාගත් ඇගේ මව තම දියණිය වහාම කරාපිටිය රෝහලට ගෙන ගියා. එහි දී වකුගඩු හා නහර බද්ධ කිරීම පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජක උභේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඇයගේ කකුල බද්ධ කිරීමේ සැත්කමට අතගැසූ අතර එය සාර්ථකව නිමකර තිබෙන බවට වාර්තා වෙනවා.


Miracle Operation at Karapitiya Hospital




If you enjoyed this post and wish to be informed whenever a new post is published, then make sure you S!

Enter Your Comments Here

0 comments:

Join Us On Facebook


 

| Gossip Lanka News © 2014. All Rights ReservedBlogging | Design by |Back To Top |