name='description'/> Docs.' NAME='Keywords'/> Gossip Lanka News: 2014

Saturday, April 12, 2014

පෙම්වතිය පෙම්වතාගේ ලක්ෂ 41ක් වංචා කරලා

Posted by ikman.com on 9:44 PM Be the first to comment!

පෙම්වතිය පෙම්වතාගේ ලක්ෂ 41ක් වංචා කරලා
ඉතාලියේ සිටින තම පියා මගින් තම පෙම්වතාට හා ඔහුගේ මිතුරනට රැකියා සපයා දෙන බව කියමින් රුපියල් ලක්ෂ 41ක් වංචා කළැයි කියන පෙම්වතියකට නඩු පැවරීමට යයි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය ඉදිරියේ කොළඹ වංචා විමර්ශන අංශය පැමිණිල්ල ඉදිරිපත් කළේය.
මරදානේ හර්ශනී නිමන්තිකාට මැයි හය වැනි දා චෝදනා ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
අනුරාධපුරයේ නොච්චියාගම වැසියකු වන පැමිණිලිකරු කියා සිටියේ පෙම්වතියගේ බහ විශ්වාස කර මුදල් දුන් නමුත් රිකියා නොලැබුණු බවයි.
සැකකාරිය ඇප මත මුදා හරිනු ලැබ සිටියි.


0 comments:

පෙම්වතී වෙනෙකෙක් හා පැන යයි… හිලව්වට නැගනිය අඹුකමට අරන් හිරේ

Posted by ikman.com on 9:41 PM Be the first to comment!

පෙම්වතී වෙනෙකෙක් හා පැන යයි… හිලව්වට නැගනිය අඹුකමට අරන් හිරේ
තමන් විවාහ ගිවිසගෙන සිටි පෙම්වකිය වෙනත් පුද්ගලයෙකු හා පැන යාමෙන් පසු ඊට හිලවුවක් ලෙස බාල වයස්කාර නැගණිය විවාහ කර ගන්නේ යයි පවසමින් ඇය අපහරණය කිරීමකට චෝදනා ලැබ අධිකරණය හමුවට පමුණුවා සිටි තරුණයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුත්තූර් මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් මෙසේ රක්‍ෂති බන්ධනාගාර ගත කර ඇති අතර සේරුනුවර තංගනගර් ප‍්‍රදේශයේ පදිංචි දැරියගේ මව පොලීසියට පවසා ඇත්තේ මෙසේය.
‘මේ ළමයා ලොකු දුව බඳින්න පොරොන්දු වෙලා හිටියේ. පස්සෙ ලොකු දුව වෙන ළමයෙක් එක්ක පැනලා ගියා. මේ ළමයා කාලයක සිට අපේ ගෙදරමයි හිටියේ. පස්සේ මෙයා අපේ පොඩි දුව සමඟ සම්බන්ධකමක් පැවැත්වූවා. එයාට වයස අවුරුදු 14 යි. අපි කිවුවා දුව වයස සම්පූර්ණ වුණාට පස්සේ විවාහ කරලා දෙන්නම් කියලා. ඒ අස්සේ අපි ගෙදර නැති වෙලාවක දෙන්නා අඹු සැමියන් ලෙස හැසිරිලා තියෙනවා. ඊට පස්සෙත් සම්බන්ධය දිගටම තිබිලා මට අහු වුණා’



0 comments:

දකුණේ සංචාරක ස්ථානවලට යන්නෙ පරිස්සමෙන් - ශ‍්‍රී ලංකාව​ ලෝකයෙන් පිරිහෙයි

Posted by ikman.com on 9:29 PM Be the first to comment!

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණෙන බි‍්‍රතාන්‍ය ජාතිකයින්ට එරට රජය අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ අවන්හල් සහ මත්පැන් අලෙවි කරන ස්ථානවලට යාමේ දී විමසිලිමත් වන ලෙසයි. එම ස්ථානවලින් ලබා ගන්නා බිම වර්ගවලට මත් ද්‍රව්‍ය මිශ‍්‍රකර ලබාදෙන බවට වාර්තා ලැබී ඇති බවයි බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය නිවේදනය කර ඇත්තේ. එවැනි මත්ද්‍රව්‍ය යෙදු බීම වර්ග පානය කළ ඇතැම් බි‍්‍රතාන්‍ය කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක්ව ඇති බවද වැඩිදුරටත් වාර්තාවනවා. එබැවින් එම අවන්හල් සහ මත්පැන් අලෙවිකරන ස්ථානවලට යාමේ දී සහ රැුඳි සිටිමේ දී සැලකිලිමත්වන ලෙසයි එම කාර්යාලය බි‍්‍රතාන්‍ය ජාතිකයින්ට දැනුම් දී ඇත්තේ.

0 comments:

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට තෙල් ගෙන ගිය​ බවුසරයක් ගිනිගනියි

Posted by ikman.com on 7:52 AM Be the first to comment!

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් යානා ඉන්ධන රැුගෙන ගිය බවුසරයක් සූරියවැව මීගහජදුර ප‍්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී තිබෙනවා. පොලිසිය පවසන්නේ එම බවුසරය නවතා තිබූ බස් රථයක ගැටී මාර්ගය හරහා පෙරළී යාමෙන් ගින්න ඇති වූ බවයි. එහි රැගෙන ගිය ගුවන් යානා ඉන්ධන ප‍්‍රමාණය ලීටර් තිස් තුන්දහසක් පමණ වනවා. කෙසේවෙතත් අදාළ අනතුරෙන් ජීවිත හානි හෝ කිසිවෙකුට තුවාල සිදුව නැහැ. බවුසරයේ රියැදුරා ඉන් ඉවතට පැන ජීවිතය බේරාගෙන තිබෙනවා.


0 comments:

අතුරුදන් මැලේසියානු ගුවන් යානය පිළිබඳ නවතම හෙළිදරව්වක් මෙන්න​

Posted by ikman.com on 6:31 AM Be the first to comment!

අතුරුදන් මැලේසියානු ගුවන් යානය රේඩාර් සංඥාවලින් ගලිහී යාමට මෙහොතකට පෙර එහි සහය නියමුවා දුරකතන ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
අදාළ තොරතුර හෙළි වී ඇත්තේ, අතුරුදන් මැලේසියානු ගුවන් යානය සම්න්ධයෙන් විමර්ශන සිදුකරන නම හෙළි නොකළ විමර්ශකයින් පිරිසක් විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් මගිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සහය නියමු අබ්දුල් හමීඩ් සිය ජංගම දුරකතනයෙන් අදාළ ඇමතුම ලබා ගැනීමට උත්සාහ දරා ඇති බව අදාළ විමර්ශකයින් හෙළි කර ඇති බව ය.
අදාළ වාර්තාව නම් කර ඇත්තේ, උදව් සඳහා ගනු ලැබූ නිශ්ඵල  ඇමතුම යනුවෙනි.
ඔවුන් සිය වාර්තාවෙන් වැඩි දුරට ත් පවසා ඇත්තේ, ගුවන් යානයේ පියාසර වේගය ත් සමග දුරකතන ඇමතුම එකවරම  විසන්ධි වන්නට ඇති බව ය.


0 comments:

කාන්තාවන්ගේ පියයුරු වර්ධනය කරන චුයින් ගම්

Posted by ikman.com on 6:06 AM Be the first to comment!

කාන්තාවන්ගේ පියයුරු වර්ධනය කරන චුයින් ගම්
පියයුරුවල ප්‍රමාණය,වර්ණය සහ හැඩය වර්ධනය කිරීමට හැකියැයි විශ්වාස කරන චුයින් ගම් වර්ගයක් මේ දිනවල ජපන් වැසියන් අතර ජනප්‍රිය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බී බී සී පුවත් සේවය වාර්තා කරන ආකාරයට B2Up යන සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම චුයින් ගම් වර්ගය 'බස්ට් අප් ගම්' ලෙස හඳුන්වයි.
එය දිනකට හතර වරක් පමණ භාවිතා කිරීමෙන්  ලේ ගමනාගමනය වර්ධනය වනවා පමණක් නොව , ආතතිය අවම කර වයසට යාමට එරෙහිවද සටන් කරන  බව වර්තා වේ.
මෙම  චුයින් ගම් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ  Pueraria mirifica යන ශාකයේ කොටස් යොදාගෙනයි.
එයට පේශි පටක නැවරදි ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව විශ්වාස කරයි.
තායිලන්තයේ චුලලොන්ග්කෝර්න් විශ්වවිද්‍යාලයේදී සිදුකරන ලද පර්යේෂණ වලින් එම ශාක කොටස් යොදගෙන සිදුකරන ලද ප්‍රතිකාර තුලින් පියයුරු වල ප්‍රමාණය 80% කින් වර්ධනය කරගත  හැකි බව හඳුනාගෙන ඇත.
මීට අමතරව එංගලන්තයේ මේ පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ එය සම, කොණ්ඩය සහ පියයුරු වල යහපත් පැවැත්මට උපකාරී වන බවයි.


0 comments:

දෙරණ මිස් ශ්‍රී ලංකා හදිස්සියේ කසාද බැන්දේ ඇයි ?

Posted by ikman.com on 6:01 AM Be the first to comment!

Lanka Gossip Girl - Gossip Lanka News
වසර 2012 දී දෙරණ මිස් ශ්‍රී ලංකා බවට පත් නිළියක වන සුමුදු ප්‍රසාදිනී පසුගිය 04 වැනිදා විවාහ දිවියට එක් විය.
ඇගේ අතගත්තේ සම්පත් බැංකුවේ සේවය කරන මොස්තර නිරූපන ශිල්පියකු හා ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකයකු වන මිථිල අබේසේකරය.
මොවුන්ගේ විවාහය හදිස්සියේ සිදුවූයේ මිථිලට පැසිපන්දු පිල සමඟ විදෙස් සංචාර දෙකකට එක්වීමට තිබූ නිසා බව පැවසේ.
අඩි හයයි අඟල් හතරහමාරක් උස මිථිලව සුමුදුට හමුව ඇත්තේ මෝස්තර නිරූපන අවස්ථාවකදී බවද පැවසේ.
කොහොමවුණත් කුරුණෑගල උපන් සුමුදු කොළඹ කොල්ලෙක් ජීවන සහකරු කර ගැනීමට බියෙන් සිටි බවද වාර්තා වේ.

0 comments:

ලොව භයානකම රට මෙන්න​

Posted by ikman.com on 5:50 AM Be the first to comment!

Lanka Gossip Girl - Gossip Lanka News
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ(10) නිකුත් කරන ලද වාර්ථාවට අනුව ලොව වැඩිම මිනීමැරුම් අනුපාතයක් වාර්තා වන රට ලෙස හඳුනාගෙන ඇත්තේ හොන්ඩුරාස් රාජ්‍යයයි.
සෑම මිනිසුන් 100,000 කටම වාර්තා වන මිනීමැරුම් සංඛාව පදනම් කරගනිමින් සකස් කර ඇති මෙම වාර්තාවට අනුව ඇමෙරිකා කලාපය අප්‍රිකා කලාපය අභිබවමින් වැඩිම මිනීමැරුම් අනුපාතයක් සටහන් කර ඇත.
මෙම වාර්තාව වසර 2012 දී සිදුවූ මිනීමැරුම් සංඛ්‍යාව සැළකිල්ලට ගනිමින් සකස් කර ඇති අතර පාතාල කල්ලි සහ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් සිදුකරන ලද අපරාධ හේතුවෙන් මෙලෙස හොන්ඩුරාස් රාජ්‍යයේ මිනීමැරුම් අනුපාතය ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද මෙම වාර්තාවට අනුව හොන්ඩුරාස් රාජ්‍යයේ මිනීමැරුම් අනුපාතය 90.4ක් වේ.
එමෙන්ම එම වාර්තාවෙහි දැක්වෙන වැඩිම මිනීමැරුම් අනුපාතයක් සහිත රටවල් අතරින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගෙන ඇත්තේ වෙනිසියුලාව (53.7) සහ බෙලීස් රාජ්‍යයයි (44.7).


0 comments:

කුමාර සංගක්කාරට ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක වන්නැයි ආරාධනා

Posted by ikman.com on 5:47 AM Be the first to comment!

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතකරු කුමාර සංගක්කාරට මීලඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වන ලෙස ආරාධනා කර තිබේ.

මෙම ආරාධනය සිදු කර ඇත්තේ ලෝක ශූර ශ‍්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තුවේ උපහාර පිළිගැනීම සඳහා එහි ගිය අවස්ථාවේදීය.

පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සමඟ සංගක්කාර කතා බහ කරමින් සිටියදී එජාප මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක ‘දැන් ඉතින් පාර්ලිමේන්තු එන්න කාලෙ හරි’ යයි සඳහන් කර ඇත.

‘ඔයා හොඳයි ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වෙන්න’ යයි ඊට තවත් අදහසක් එකතු කල මන්ත‍්‍රී නලීන් බණ්ඩාර කීවේය.

කුමාර සංගක්කාර කිසිත් නොකියා ඊට සිනහ වී ඇත.

0 comments:

Friday, April 11, 2014

ලිංගේන්ද්‍රිය කැපීමේ සිද්ධි දෙකක්

Posted by ikman.com on 5:40 AM Be the first to comment!

ලිංගේන්ද්‍රිය ආශ්‍රිත කැපුම් තුවාල සම්බන්ධ සිද්ධි දෙකක් අද වාර්තා විය.
ඉන් එක් සිද්ධියක් වාර්තා වූයේ, දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ S වංගුව ප්‍රදේශයෙනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, අද අලුයම 119 දුරකතන අංකයට ලැබුණු තොරතුරක් අනුව මහ මග වැටී තිබූ එම පුද්ගලයාගේ සිරුර සොයා ගත් බව ය.
එම සිරුරේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ කැපුම් තුවාල තිබූ බව ද ඔහු සඳහන් කළේ ය.
මෙම සිද්ධිය පිළිබඳව ‍ගලේවෙල පොලීසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ අතර, සිය ලිංගේන්ද්‍රිය කපා ගත් බව කියන බඩල්කුඹුර ප්‍රදේශයේ 24 හැවිරිදි විවාහක පුද්ගලයෙකු රෝහල්ගත කර තිබේ.
ඔහුගේ බිරිඳ පොලීසියට පවසා ඇත්තේ, ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව ය.



0 comments:

Join Us On Facebook


 

| Gossip Lanka News © 2014. All Rights ReservedBlogging | Design by |Back To Top |