name='description'/> Docs.' NAME='Keywords'/> Gossip Lanka News: දකුණේ සංචාරක ස්ථානවලට යන්නෙ පරිස්සමෙන් - ශ‍්‍රී ලංකාව​ ලෝකයෙන් පිරිහෙයි

Saturday, April 12, 2014

දකුණේ සංචාරක ස්ථානවලට යන්නෙ පරිස්සමෙන් - ශ‍්‍රී ලංකාව​ ලෝකයෙන් පිරිහෙයි

Posted by ikman.com on 9:29 PM Be the first to comment!

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණෙන බි‍්‍රතාන්‍ය ජාතිකයින්ට එරට රජය අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ අවන්හල් සහ මත්පැන් අලෙවි කරන ස්ථානවලට යාමේ දී විමසිලිමත් වන ලෙසයි. එම ස්ථානවලින් ලබා ගන්නා බිම වර්ගවලට මත් ද්‍රව්‍ය මිශ‍්‍රකර ලබාදෙන බවට වාර්තා ලැබී ඇති බවයි බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය නිවේදනය කර ඇත්තේ. එවැනි මත්ද්‍රව්‍ය යෙදු බීම වර්ග පානය කළ ඇතැම් බි‍්‍රතාන්‍ය කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක්ව ඇති බවද වැඩිදුරටත් වාර්තාවනවා. එබැවින් එම අවන්හල් සහ මත්පැන් අලෙවිකරන ස්ථානවලට යාමේ දී සහ රැුඳි සිටිමේ දී සැලකිලිමත්වන ලෙසයි එම කාර්යාලය බි‍්‍රතාන්‍ය ජාතිකයින්ට දැනුම් දී ඇත්තේ.


If you enjoyed this post and wish to be informed whenever a new post is published, then make sure you S!

Enter Your Comments Here

0 comments:

Join Us On Facebook


 

| Gossip Lanka News © 2014. All Rights ReservedBlogging | Design by |Back To Top |